මුල් පිටුව විදේශීය පුවත් රට යන්න එන්නත් තෝරපු අයට ඇමරිකාවෙන් පිළිතුරක්

රට යන්න එන්නත් තෝරපු අයට ඇමරිකාවෙන් පිළිතුරක්

0

විදේශ ගත වීමට එන්නත් හොදම එන්නත තෝරපු බොහෝදෙනෙකුට සුබ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වේ.

ඒ අනුව ඉදිරියේදී විදෙස් සංචාරකයින්ට විවෘත වන ඇමරිකාවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ ඕනෑම එන්නතක් ලබාගත පුද්ගලයෙකුට සිය රට තුලට ඇතුළු වීමට අවසර දීමට ඇමරිකානු රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඇමරිකාවේ ධවල මන්දිරය විසින් නොවැම්බර් මස සිට විදෙස් සංචාරකයින්ට සිය රටට පැමිණීමට අවසර දෙන බව ඉකුත් සැප්තැම්බර් මාසයේ දී ප්‍රකාශ කළේය.

ඒ අනුව ඇමරිකාවේ  රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානයේ පවසන අන්දමට  එරට ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය අනුමත හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සඳහා අනුමැතිය දී ඇති එන්නත් ලබාගත් පුද්ගලයන්ට ඇමරිකාවට ඇතුළුවීමට අවසර හිමිවනු ඇත.

මෙම තීරණය අනුව දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතයට අනුමැතිය ලබාදී ඇති සයිනෝෆාම් එන්නත ලබාගත් පුද්ගලයන්ට ඇමරිකාවට ඇතුළුවීමට අවසර හිමිවනු ඇති බවට සඳහන් ය.

පසුගිය කාලයේදී රටවල් කිහිපයක් ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ එන්නත් ලබාගත් පුද්ගලයන්ට ඇමරිකාවට ඇතුළුවීමට අවසර දෙන ලෙසද ඉල්ලීම් කර තිබිණි.

සහන් රතනසේකර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version