තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්නැගෙනහිර කොන්ගෝවෙන් ඉබෝලා ආසාදිත මරණයක්

    නැගෙනහිර කොන්ගෝවෙන් ඉබෝලා ආසාදිත මරණයක්

    ඉබෝලා වෛරසය වැළදුණු දරුවෙකු මරණයට පත්වීමක් නැගෙනහිර කොන්ගෝ රාජ්‍යයෙන් වාර්තා වේ.

    වයස අවුරුදු 3ක පිරිමි දරුවෙකුට මෙලෙස වෛරස ආසාදනය වී ඇති අතර ඔහු ඉකුත් බදාදා ජීවිතක්ෂයට පත්ව ඇති බව නැගෙනහිර කොන්ගෝ හී සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    අදාල සිදුවීම 2018ත් 2020 අතර කාලයේ නැගෙනහිර කොන්ගෝ හී ඉබෝලා වෛරස සීඝ්‍රයෙන් පැතිර ගිය බෙනී නගරයෙන්ම වාර්තා වන බවද විදෙස් මාධ්‍ය සදහන් කරයි.

    ඒ අනුව අදාල ආසාදිත දරුවා ආශ්‍රිතයින් බවට හදුනාගත් පුද්ගලයින් 100ක් පමණ හදුනාගෙන ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය මේවන විට පරීක්ෂා කරමින් සිටින බවද එරට රජය ප්‍රකාශ කරයි.

    මේ අතර එරට පරීක්ෂණාගාර අභ්‍යන්තර වාර්තාවකින් අනාවරණය වන්නෙ අදාල මරණය වාර්තා වන ප්‍රදේශයේම තවත් දරුවන් තිදෙනෙකුට ඉබෝලා වෛරස ආසාදනය වීමට සමාන රෝග ලක්ෂණ ඉකුත් මාසයේ  පෙන්නුම් කර ඇති බවයි.

    එම රෝග ලක්ෂණ පෙන්නුම් කළ දරුවන් තිදෙනාද මරණයට පත්ව ඇති බවද අදාල වාර්තා වල සදහන් වුවද ඔවුන්ට  වෛරස ආසාදනය වී ඇත්දැයි සොයා බැලීමට කළ පරීක්ෂණ වලදී ඔවුන්ට වෛරස ආසාදනය වී තහවුරු වී නොමැති බවද වාර්තා වේ.

    2018ත් 2020ත් අතර කාලයේදී නැගෙනහිර කොන්ගෝ හිදී පුද්ගලයින් 2000කට අධික පිරිසක් ඉබෝලා හේතුවෙන් මරණයට පත්ව ඇත.

    සහන් රතනසේකර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img