තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු පෙම්වතියගේ සාපයෙන් මුදාදෙන බවට බොරු කී දෛව්‍යඥයෙකුට එරෙහිව නඩු කියන ඇමරිකානුවා

    හිටපු පෙම්වතියගේ සාපයෙන් මුදාදෙන බවට බොරු කී දෛව්‍යඥයෙකුට එරෙහිව නඩු කියන ඇමරිකානුවා

    ඇමරිකාවේ කැලිෆෝනියා හී පුද්ගලයෙකු සිය හිටපු ප්‍රේමවන්තිය සිදු කළ සාපය ඉවත් කළ හැකි බවට ව්‍යාජ පොරොන්දුවක් දුන් දෛව්‍යඥයෙකුට එරෙහිව නඩු පවරා ඇත.

    අදාල පුද්ගලයා විසින් සිය විවාහට කඩාකප්පල් වීමට හිටපු පෙම්වතිය කළ සාපය ඉවත් කිරීමට දෛව්‍යඥයාට ඇමරිකානු ඩොලර් හසක්  මුදලක් ලබාදී තිබේ.

    එහිදී දෛව්‍යඥයා විසින් පැමිණිලිකරුට
    සාපය ඉවත් නොකළහොත් ඔහුගේ පවුලට විශාල අවාසනාවන්ත කාලයකට මුහුණ දෙන්න සිදු වෙනු ඇති බවටද පවසා ඇතැයි වාර්තා වේ.

    ඒ අනුව සිය පවුලේ ආරක්ෂාව පිළිබඳ බිය වු පැමිණිලිකරු අදාල දෛව්‍යඥයෙට මුදල්ගෙවා සාපය ඉවත්කර ගැනීමට උත්සහ කර ඇත.

    කෙසේවෙතත් මුදල් ලබා ගැනීමෙන් පසු දෛව්‍යඥයා විසින් තමන්ට කිසිඳු සහනයක් ලගා කර දීමට සහය නොවු බවත් තමන්ට සුව නින්දකට තිබූ අවස්ථාද අහමි වූ බවට පැමිණිලිකරු චෝදනා කරයි.

    ඒ අනුව අදාල දෛව්‍යඥයාගෙන් ඇමරිකානු ඩොලර් විසි පන්දහසක් වන්දියක් ඉල්ලා නඩු පවරා ඇත.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img