Home දේශීය පුවත් තරුණ අඹුසැමියන්ගේ සිරුරු මීරිගම නිවසක බාල්කයක එල්ලෙයි

තරුණ අඹුසැමියන්ගේ සිරුරු මීරිගම නිවසක බාල්කයක එල්ලෙයි

0
තරුණ අඹුසැමියන්ගේ සිරුරු මීරිගම නිවසක බාල්කයක එල්ලෙයි

තරුණ අඹුසැමි යුවළකගේ සිරුරු මීරිගම ලින්දර පිහිටි නිවසක කාමරයක එල්ලෙමින් තිබියදී අද පස්වරුවේ සොයා ගෙන තිබේ.

බිරිදගේ දෑත් පිටුපසට තබා ගැටගසා කාමරයේ බාල්කයේ එල්ලෙමින් තිබී ඇත. බිරිදව බාල්කයේ එල්ලා මරා දමා සැමියා එල්ලී සියදිවි හානිකරගෙන ඇතැයි එම මරණ සිදුව ඇති ආකාරය විමර්ශනයේදී පෙනී යන බව මීරිගම පොලීසියේ නිලධාරියෙක් සදහන් කළේය.

සැමියා 26 වියේත් බිරිය 23 වියේත් පසුවූවන්ය. දෙදෙනාම ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් බවත් ඔවුන්ට අවුරුදු 04 ක් පමණ වයසැති දරුවෙක් සිටින බවත් පොලීසිය සදහන් කරයි.

"පොඩි එකා බලාගන්න මල්ලි " යැයි මිය ගිය සැමියා විසින් පුවත්පත් කැබැල්ලක ඔහුගේ සහෝදරයාට ලියා තැබූ සටහනක්ද සිරුරු එල්ලෙමින් තිබුණු ස්ථානයේ තිබී පොලීසියට හමුවී ඇත.

මිය ගිය කාන්තාවගේ සහෝදරයාගේ විවහා මංගල්‍ය උත්සවය තිබී ඇත්තේ අදය. ඊට ඇය සහභාගි වී නැති බවත් පවුල් ආරවුලක් ඊට මුල්වී ඇති බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත. සැමියා සිය දරුවා සමග විවහා මංගල උත්සවයට ගොස් දරුවා එහි තබා නිවසට පැමිණ මෙම අපරාධයකර ඇති බව පොලීසිය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here