
ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් අද ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි ගොවිපල වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.
විදේශ ලේකම්වරයා එහි සංචාරය අතරතුර LIOC හි නව නිෂ්පාදනය වන ‘සර්වෝ ප්‍රයිඩ් ඇල්ට් 15 ඩබ්ලිව් -40’ එළිදැක්වූ අතර ඊට එක්වීමට හැකිවීම ගැන සිය ප්‍රසාදය පළ කර ඇත.
ටැංකි ගොවිපලවල සිදු කරන ලද සංවර්ධන කටයුතු සහ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සඳහා ඉන්දියා-ශ්‍රී ලංකා බලශක්ති හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ ශක්‍යතා ගැන එල්අයිසීය විසින් විදේශ ලේකම්වරයා දැනුවත් කළේය.