Home දේශීය පුවත් පාසල්වල ප්‍රාථමික අංශ මේ මස ඇරඹෙන ලකුණු

පාසල්වල ප්‍රාථමික අංශ මේ මස ඇරඹෙන ලකුණු

0
පාසල්වල ප්‍රාථමික අංශ මේ මස ඇරඹෙන ලකුණු

මෙම මාසය අවසන් වීමට පෙර දිවයිනේ සියළුම පාසල්වල ප්‍රාථමික අංශ අධ්‍යන කටයුතු සදහා විවෘත කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා මාදිවෙල පැවති උත්සවයකට ඊයේ සහභාගිවෙමින් මෙම මාසය අවසන් වීමට පෙර ප්‍රාථමික පාසල් විවෘත කිරීම ඉලක්කය වී ඇතැයි සදහන් කළේය.

මේ වන විටත් පළාත් ආණ්ඩුකාරවරු පළාත් පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගෙන් අදහස් විමසීමක්ද කර තිබේ. ඒ අනුව ලබන 05 වෙනිදා පළාත් ආණ්ඩුකාරවරුන් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමටද සූදානමින් සිටින බව සදහන්ය.

ඌව පළාතේ ප්‍රාථමික පාසල් ලබන 18 වෙනිදාත් දකුණු පළාතේ ප්‍රාථමික පාසල් ඊට පසු සතියේත් විවෘත කිරීම කෙරහි මේ වන විටත් පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අවධානයද යොමුව තිබේ.

ළමුන් 200 අඩු පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් වල ප්‍රාථමික අංශ ආරම්භ කිරීමට මේ වන විටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here