Home දේශීය පුවත් ආසන ගානට වැඩියෙන් මගීන් රැගෙන ගියොත් බස් රථ පොලිසියේ තියාගන්න කියයි

ආසන ගානට වැඩියෙන් මගීන් රැගෙන ගියොත් බස් රථ පොලිසියේ තියාගන්න කියයි

0
ආසන ගානට වැඩියෙන් මගීන් රැගෙන ගියොත් බස්  රථ පොලිසියේ තියාගන්න කියයි

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් ධාවනය වන සියළුම මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රීයාත්මක කරන ලෙස රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.

" සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන්න අවසරයක් දෙන්න විදියක් නෑ. පොලිස්පතිතුමාටත් දැනුම්දීලා තියෙනවා තදබල ලෙස සඳුදා දිනයේ සිට හිටගෙන මගීන් ප්‍රවාහනය කළොත් බස්රථ අත්අඩංගුවට ගන්න,
බලපත්‍ර තහනම් කරන්න ඒ වගේම නැවත දැනුම්දෙන තුරු එම බස්රථ පොලිස් භාරයේ තියා ගන්නත් උපදෙස් මේ වන විට අපි පොලිස්පතිට ලිඛිතව යොමුකරන්න සුදානම් කරලා තියෙන්නේ. මේ වෙනකොට මාර්ග බලපත්‍ර 160කට වැඩි ප්‍රමාණයක් අත්හිටුවා තියෙනවා. තවමත් සක්‍රීය කරලා නෑ." යැයි රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here