දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මි.මී. 150 ඉක්ම වූ තද වැසි අද (01) ඇද හැළුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බැවින්, අද (01) මෙන්ම හෙට (02) සහ අනිද්දා (03) යන දිනවලද , වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල බොහෝ ස්ථානවලට අද මි.මී 150ට වැඩි ඉතා තද වැසි අපේක්ෂාකරන බව අද දහවල් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දුන්නේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද අද ඇති වියහැකි බව එම නිවේදනයේ සදහන් විය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ එම නිවේදනයේ දැක්වූයේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කල හැකිබවය.