තවත්
    මුල් පිටුවදේශීය පුවත්දකුණේ සහ ඌවේ පාසල් විවෘත කරන බව ආණ්ඩුකාරවරු කියයි

    දකුණේ සහ ඌවේ පාසල් විවෘත කරන බව ආණ්ඩුකාරවරු කියයි

    සිසුන් 200 අඩු පිරිසක් අධ්‍යාපනය ලබන ඌව පළාතේ පිහිටි සියළුම පළාත් ප්‍රාථමික පාසල් ලබන 18 වෙනිදා විවෘත කිරීමට සැළසුම්කර ඇතැයි පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා සදහන් කරයි.

    මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සදහන් කරනු ලැබුවේ සිසුන් 200 අඩු දකුණු පළාතේ පිහිටි පළාත් පාසල් 21 වෙනිදා විවෘත කෙරන බවය.

    ඒ බව පළාතේ සෑම අධ්‍යාපන කාර්යාලයක් වෙත මේ වන විටත් දැනුම් දෙමින් පාසල් විවෘත කිරීමට අවශ්‍ය පහසුකම් සකස්කරන ලෙස දැනුම් දී ඇතැයි ද ආණ්ඩුකාරවරුන් සදහන් කරයි.

    විලී ගමගේ මහතා පවසන්නේ දකුණු පළාත් පාසල් 514 ක් ඇති බවත් ප්‍රාදේශීය සභාවලද සහයෝගය ඇතිව පාසල් පිරිසිදු කර විෂබීජහරණය කරමින් පාසල් ආරම්භ කිරීමට සූදානම් කරන බවය. මෙසේ රටේ සියළුම පළාත්වල පාසල් 21 වෙනිදා වන විට විවෘත වනු ඇතැයි තමා විශ්වාස කරන බවද විලී ගමගේ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img