තවත්
    මුල් පිටුවදේශීය පුවත්වරායේ සිරවී ඇති කිරිපිටි ඉන්දුනීසියාවට සහ බංගලාදේශයට ප්‍රති අපනයනය කිරීමේ සූදානමක්

    වරායේ සිරවී ඇති කිරිපිටි ඉන්දුනීසියාවට සහ බංගලාදේශයට ප්‍රති අපනයනය කිරීමේ සූදානමක්

    වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස්කර ගැනීමට දේශීය බැංකු තවදුරටත් ඇමෙරිකානු ඩොලර් නිකුත් නොකරන්නේ නම් එම කිරිපිටි තොග ඉන්දුනීසියාවට හා බංගලාදේශයට ප්‍රති අපනයනය කිරීමට පියවර ගන්නා බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ලක්ෂමන් වීරසූරිය මහතා සදහන් කරයි.

    මාස කිහිපයක් තිස්සේ නෞකා සමාගම් භාරයේ ගුදම්වල සිරවී ඇති කන්ටේනර් 04 ක් වෙනුවෙන් ලක්ෂ 37 ක පමණ ගාස්තුවක්ද ගෙවීමට සිදුව ඇතිබවත් එය අතිරේක පිරිවැයක් බවත් ඔහු පෙන්වා දෙයි. තවදුරටත් කිරිපිටි එසේ ගුදම්වල තබා ගැනීමෙන් සිදුවන්නේ ගුදම් පිරිවැයි ඉහළ යාම පමණක් නොව, එම කිරිපිටි කල්ඉකුත්ව නරක් වීමේ අවධානමක් මතුවන බවද වීරසූරිය මහතා අවධාරණය කරයි.

    එසේම මෙතෙක් පැවති නැව් ගාස්තුවද ඩොලර් 2700 සිට ඩොලර් 5000 දක්වා වැඩිකර ඇති බව නවසීලන්තයෙන් තමාට කතාකර පැවසූ බවද වීරසූරිය මහතා සදහන් කරයි. සිරවී ඇති කිරිපිටි තොග නිදහස් කිරීම තවදුරටත් ප්‍රමාදවන්නේ නම් දැනට කර ඇති සියලු ඇණවුම් නවතා දමන බවටද ලක්ෂමන් වීරසූරිය මහතා අනතුරු ඇගයීමක්ද කරයි.

    වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස්කර ගැනීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 50ක මුදලක් රාජ්‍ය බැංකු දෙකක් වෙත ඉකුත් 29 වෙනිදා මුදා හරිල ලදි. මෙම ගැටළුව පැන නැගී ඇත්තේ එසේ තිබියදීත්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img