අපරාධයන්ට ගොදුරු වූ දරුවන් අධිකරණ කටයුතුවලදී සාක්ෂි කූඩුවට නන්වා සාක්ෂි වීමසීම වෙනුවෙට එම දරුවන්ගේ සාක්ෂිය වීඩියෝ පටිගත කර පුද්ගල සාක්ෂි වෙනුවට පරියේෂණාත්ක සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමේ වැඩ පිළිවෙලේ ඉදිරිපියවරක් ලෙස ලෝක ළමා දිනය යෙදෙන අද ළමා සාක්ෂි වීඩියෝගත කිරීමේ ඒකකයක් රාගමදී විවෘත කෙරෙනු ඇත.
මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම විවෘත කිරීම සිදුවන අතර මෙය දරුවන් වෙනුවෙන් තබන ඉදිරි පිම්මක් බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශය සදහන් කළේය.
ළමා අයිතීන් තහවුරු කිරීමට ඉදිරියේදී ළමුව් සම්බන්ධ අපධාය නඩු වලදී පුද්ගල සාක්ෂිවලට වඩා විද්‍යාත්මක සාක්ෂිවලට මුල්තැන ලබාදෙන බව ළමා හා අපරාධ අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.
දිවයිනේ සියළුම පළාත් වල මෙවන් ඒකක ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.