තවත්
    මුල් පිටුවදේශීය පුවත්වැලිකඩ හිර ගෙදර වහලට තවත් සිරකරුවන් පිරිසක් ගොඩවෙති

    වැලිකඩ හිර ගෙදර වහලට තවත් සිරකරුවන් පිරිසක් ගොඩවෙති

    පොදු සමාවක් ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ වහලය මතට නැගී උපවාසයක නිරතව සිටින සිරකරුවන්ට සහය දෙමින් තවත් සිරකරුවන් පිරිසක් අද වහලය මතට නැගී ඇතැයි බන්ධනාගාර තොරතුරු සදහන් කළේය.

    කප්පම් ගැනීම්, මංකොල්ලකෑම් වැනි දරුණු අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් ව දීර්ඝ කාගීන සිරදඩුවම් ලැබූ සිරකරුවන් පිරිසක් මෙසේ පොදු සමාව මත නිදහස ඉල්ලා උපවාසයේ නිරතව සිටිති.

    මුලදී එම උපවාසයට සම්බන්ධව සිටියේ සිරකරුවන් 13 දෙනෙක් පමණක් වූවත් අද එම කණ්ඩායමට 20 කට වැඩි පිරිසක් එක්ව ඇතැයි බන්ධනාගාර තොරතුරු සදහන් කළේය.

    සිරකරුවන් වහලය මතට නැගී උපවාසය ආරම්භකරන්නේ පසුගිය 20 වෙනිදාය. ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා සිරකරුවන් සමග සාකච්ඡා කිරීමට අධිකරණ ඇමති අලි සබ්රි මහතා 23 වෙනිදා වැලිකඩ බන්ධනාගාරයට ගියේය. එහිදී උපවාසයේ නිරත සිරකරුවන් සමග සාකච්ඡාවක්ද පවත්වා ඒ අයට ඇමතිවරයා දැනුම් දෙන්නේ යහපත් කල්ක්‍රියාවෙන් බන්ධනාගාරය තුළ ගතකරන්නේ නම් සහන ලබාදීමට හැකියාවක් ඇති බවය. එහිදී ඒ සම්බන්ධයෙන් සිරකරුවන්ට ඇමතිවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් පවා කරතිබේ.

    එහෙත් ඇමතිවරයාගේ හඬට පවා ඇහුම් කන් නොදී කණ්ඩාම් වශයෙන් සංවිධානගතව සිරකරුවන් වහලය මත නැගී සිටින බවත් අද පිරිසක් එක්වීමත් සමග උපවාසයේ නිරතව සිටින පිරිස ඉහළ ගිය බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img