තවත්
    මුල් පිටුවදේශීය පුවත්අදානි සමාගම කොළඹ වරායේ බටහිර පර්යන්ත ගිවිසුමට අත්සන් තබයි

    අදානි සමාගම කොළඹ වරායේ බටහිර පර්යන්ත ගිවිසුමට අත්සන් තබයි

    කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීමට අදාලව ඉන්දියාවේ අදානි සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර ගිවිසුම අද (30) අත්සන් තබා ඇත.

    ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ දේශීය නියෝජිත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම අදානි සමාගම පාර්ශවයෙන් මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව සදහන්ය.

    මෙම ව්‍යාපෘතියේ ආයෝජන වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 700 ඉක්මවයි.

    වරායේ බටහිර පර්යන්තය අදානි සමාගමත් ජෝන් කීල්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියත් එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35 ක කාලයක් පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමිවන්නේ පසුගිය මාර්තු 02 දාය.

    ඒ අනුව කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සියයට 51 ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමටත්, සියයට 34 ක් ජෝන් කිල්ස් සමාගමටත් , සියයට 15 ක් වරාය අධිකාරියත් හිමිවනු ඇති.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img