Home උණුසුම් පුවත් ආනයන සීමා අවම වන ලෙස ජනතාවට සහන දෙන්න – අගමැතිගෙන් මහබැංකු අධිපතිට උපදෙස්

ආනයන සීමා අවම වන ලෙස ජනතාවට සහන දෙන්න – අගමැතිගෙන් මහබැංකු අධිපතිට උපදෙස්

ආනයන සීමා අවම වන ලෙස ජනතාවට සහන දෙන්න – අගමැතිගෙන් මහබැංකු අධිපතිට උපදෙස්

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහබැංකු අධිපතිවරයාට උපදෙස් දෙයි.

අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණවලට දැනට පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් ව්‍යාපාරිකයන් සහ ජනතාව පත්ව ඇති අපහසුතා සැලකිල්ලට ගනිමින් අගමැතිවරයා මේ බව පවසා ඇත.

මේ අනුව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්‌ මහතා ඊට අදාළ විසඳුම්‌ ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව අගමැති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here