තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවෙන් බෝට්ටුවෙන් ගෙනා කහ කිලෝ 1100ක් යාපනේදී අල්ලයි

    ඉන්දියාවෙන් බෝට්ටුවෙන් ගෙනා කහ කිලෝ 1100ක් යාපනේදී අල්ලයි

    ඉන්දියාවේ සිට නීති විරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ රැගෙන පැමිණි කහ කිලෝ 1129 ක් යාපනය වලපුරම් හී බෝට්ටු දෙකක සඟවා තිබියදී යාපනය පොලීසියේ නිලධාරීන් සොයාගෙන තිබේ.

    එම කහ තොගය ඇසුරුම් 24 ක් ලෙස බෝට්ටු දෙකේ තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේය.

    යාපනය කොට්ඨාශ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව ඊයේ මෙම කහ තොගය සොයාගෙන ඇත. කහ තොගය ප්‍රවාහනයට සම්බන්ධ බවට කරුණු අනාවරණය වූ සැකකරුවෙක්ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img