තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPප්‍රභාකරන්ගේ ජීවිත කතාවෙන් හැදූ 'මෙතඟු' චිත්‍රපටය කාම්බෝජියාවේ තහනම් කෙරේ

    ප්‍රභාකරන්ගේ ජීවිත කතාවෙන් හැදූ ‘මෙතඟු’ චිත්‍රපටය කාම්බෝජියාවේ තහනම් කෙරේ

    ‘මෙතඟු’ දමිල චිත්‍ර්‍රපටය කාම්බෝජියාවේ සියළුම ආකාරයේ රූපවාහිනී හා කේබල් ජාල ඔස්සේ විකාශනය කිරීම තහනම් කර තිබේ.

    ශ්‍රී ලංකා හමුදාවෙන් පරාජයට පත්වී, මේ වනවිට ක්‍රියාකාරිව නැති ත්‍රස්ත සංවිධානයක් වන දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්ටීටීඊයේ ඝාතනයට ලක්වූ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ චරිතාපදානය, මෙම චිත්‍රපටයට පසුබිම් වී ඇතැයි පැවසේ.

    මෙම චිත්‍රපටය කිසිදු ලෙසකින් විකාශය කිරීම තහනම් බවට එරට ස්ථිර රාජ්‍ය ලේකම්වරයා විසින් ප්‍රවෘත්ති අමාත්‍යාංශය හරහා සියළුම රූපවාහිනී ආයතනවලට ලිපියක් නිකුත් කර ඇතැයි එරට වාර්තා පවසයි.

    මෙම චිත්‍රපටය එළිදක්වා ඇත්තේ දෙමළ ඊළාම් චිත්‍රපට සංගමය විසිනි.

    ‘මෙතගු’ යන්න දෙමළ භාෂාවෙන් ‘අතිගරු’ යන්නෙන් අරුත් ගැන්වෙන බව සඳහන් ය. මෙම සිනමාපටය ඉන්දියානු දෙමළ භාෂාවෙන් සැකසුණු දේශපාලන ත්‍රාසජනක චිත්‍රපටයකි.

    මෙම සිනමාපටය ජාත්‍යන්තරව තිරගත වීමට නියමිතව තිබුණේ පසුගිය නොවැම්බර් 26 වන දින ය. එම දිනය එල්ටීටීඊ හිටපු නායකයාගේ 66 වන ජන්ම දිනය ද සමරයි. නීතී ගැටලු හේතුවෙන් චිත්‍රපටය එළිදැක්වීම කිහිප වතාවක්ම කල් දැමුණු බව කියැවේ. නමුත් අවසානයේදී පසුගිය ජුනි 25 දින ඩිජිටල් චිත්‍රපට එළිදැක්වීමක් කර ඇතැයි වාර්තා වේ.

    මෙම සිනමාපටයේ පූර්ව ප්‍රචාරක පටය (Trailer) එළි දැක්වීමට පෙර ලොව පුරා කොටි හිතවාදීන් #මෙතගු යනුවෙන් දෙමළ හැෂ් ටැග් භාවිත කරමින් සමාජ ජාල ඔස්සේ විශාල ප්‍රචාරයක් ලබාදී තිබුණි.

    1990 දශකයේ මැද භාගයේදී දෙමළ කොටි සාමාජිකයින් කාම්බෝජයෙන් අවි ආයුධ ලබාගත් බවට විවිධ වාර්තා මගින් චෝදනා එල්ල වූ බවට එරට වාර්තාවල දැක්විණ.

    එල්ටීටීඊ සංවිධානය, අමෙරිකාව, යුරෝපා සංගමය, කැනඩාව සහ ඉන්දියාව ඇතුළු රටවල් 32 විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සැලකේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img