තවත්
    මුල් පිටුවspecialරත කල්කය ඔබේ දරුවාට දියයුතු ද?

    රත කල්කය ඔබේ දරුවාට දියයුතු ද?

    සටහන: මහේෂානි මීගහපොල
     
    වෛද්‍ය උපදෙස් : ආයුර්වේද වෛද්‍ය සෙව්වන්දි කොඩිතුවක්කු
    ප්‍රජා සෞඛ්‍යය වෛද්‍ය නාගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය

    ඈත අතීතයේ පටන් මේ දක්වා අපේ අම්මලා තම දරුවාට රත කල්කය ලබා දෙන්නේ එහි ඇති ඖෂධීය මහඟු ගුණයන් ගැන අවබෝධයෙන් හා අත්දැකිමෙනි.
    වසර සියගණනක් තිස්සේ භාවිතයට ගත් ඖෂධයක් වන අතර සෞඛ්‍ය සංවිධාන නිර්ණායක වලට අනුව පසුකාලීනව පරික්ෂාවට ලක් කර ඇත.

    ප්‍රධානව රත කල්කය රත රෝගයට භාවිත වුව ද උණ, ශරීර ප්‍රදාහයට ප්‍රතිශක්ති වර්ධකයක් ලෙස අනුපානයක් ලෙස මව්කිරි / කොත්තමල්ලී තැම්බු ජලය සමඟ භාවිත කරන්න පුළුවනි.

    රත කල්කය සෑදිමේ දී කොල්ලු පිටි, වද කහ කුඩු, වැල්මී කුඩු, රත්හඳුන් කුඩු, සුදු හඳුන් කුඩු යන ඖෂධීය ද්‍රව්‍ය එක්කර කල්ක පදම එනතුරු දෙහි යුෂ යොදා අඹරා ගනි.

    ඇතැම් ආයුර්වේද වට්ටෝරු වල රත් හඳුන් වෙනුවට රත් කිහිරිය භාවිත කළ ද රත් කල්කය වෙනුවට කිසිඳු විටක ප්‍රති විධි යොදා නොගත යුතු බව සඳහන් වේ.
    මෙහි ඇති කොල්ලු සිරුරේ මාංසධාතුව වඩවයි. පිත සමනය කරයි.
    රත් හඳුන් හා සුදු හඳුන් ශරීර දාහය නසයි. පිත සමනය වගේම ලේ පිරිසිදු කිරිමේ ගුණය පවති.

    වැල්මී සාරය දාහය නසයි. සිරුර සිසිල් කරයි.
    වද කහ බුද්ධිය වඩවයි. වගේම විෂබීජ නසයි.
    සහිඳ ලුණු මළබද්ධය වළකයි.

    රත් කල්කය අලුත උපන් දරුවාට සති 02 න් පසුව ලබා දීමට පුළුවනි. හැබැයි නොමේරු ළදරුවන්ට ලබා දීම වෛද්‍යවරු නිර්දේශ නොකරයි.
    ආයුර්වේද වෛද්‍ය උපදෙස් මත ඔබේ දරුවාට මහඟු ගුණ ඇති රත කල්කය ලබා දීම තුළින් ප්‍රතිශක්තිය වර්ධනය කරන මහඟු ඖෂධයක් බව දේශිය වෛද්‍ය නිර්දේශය වේ.

    වරකට කොත්තමල්ලි ඇට 02ක ප්‍රමාණය ගෙන මව්කිරි හෝ කොත්තමල්ලි තැම්බු වතුර සමඟ අවස්ථානූකූලව ලබා දෙයි. සෑම විටම ආයුර්වේද වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කිරීම යෝග්‍යය වේ.

    කේෂාණි සෙනවිරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img