තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකන්න පැය 05 ක් වැයකරල

    ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකන්න පැය 05 ක් වැයකරල

    ජාතිික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමට අත්අඩංගුවට ගත් මෘදුකාංග ඉංජිනේරුවරයා සිය නිවසේ සිට ඒ සදහා පැය 05 ක කාලයක් වැයකර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද සඳහන් කළේය.

    දත්ත මැකීම සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයේදී හෙළිවූ වූ තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෘදුකාංග ඉංජිනේරු වරයාව අත්අඩංගුවට ගනු ලබන්නේ ඊයේය.

    සැකකාර එම ඉංජිනේරුවරයා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත්කරනු ලැබීය.

    එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට සදහන් කරනු ලැබුවේ මෙම සැකකරු සිය නිවසේ සිට පද්ධතියට ඇතුවී පැය 05 ක් ගතකරමින් දත්ත මකා දමා ඇත්තේ පසුගිය ජුලි 09 වෙනිදා බවය.

    මෙම දත්ත මැකීමේ සිදුවීම ඩිජිටල් ත්‍රස්තවාදයක් බවද දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ අවධාරණය කළේය.

    මෙතෙක් විමර්ශන අවසන්ව නොමැති බැවින් සැකකරුට ඇප ලබා නොදෙන ලෙසට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඊට අධිකරණයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙමින් සැකකරුව ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත් සලනි පෙරේරා මහත්මිය නියෝග කළාය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img