Home දේශීය පුවත් එපා කියද්දීත් පුවත්පත් කතුවරුන්ගෙන් ප්‍රශ්න කළාට සී.අයි.ඩී. නිලධාරීන් ගැන විමර්ශනයක්

එපා කියද්දීත් පුවත්පත් කතුවරුන්ගෙන් ප්‍රශ්න කළාට සී.අයි.ඩී. නිලධාරීන් ගැන විමර්ශනයක්

0
එපා කියද්දීත් පුවත්පත් කතුවරුන්ගෙන් ප්‍රශ්න කළාට සී.අයි.ඩී. නිලධාරීන් ගැන විමර්ශනයක්

සුදුළූණු වංචාව සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට අදාළව පුවත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක ඇමති ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

සතොස ආයතනයේ සිදු වූ බව කියන සුදුළූණු වංචාව සම්බන්ධයෙන් මේ වන වන විට විමර්ශන සිදුකරනුයේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසිනි . එම විමර්ශන පුළුල්ව පැවැත්වීම සඳහා පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙපාර්තමේන්තුවට පවරන ලෙස ද සරත් වීරසේකර ඇමතිවරයා ඇමැතිවරයා පොලිස්පතිවරයාට අද දැනුම් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය අද සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here