තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකා- පාකිස්තානු ‘A’ කණ්ඩායම් ඔක්තෝබරයේ හමුවෙයි

    ශ්‍රී ලංකා- පාකිස්තානු ‘A’ කණ්ඩායම් ඔක්තෝබරයේ හමුවෙයි

    ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සමඟ සිව්දින සහ එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා පාකිස්තානු ‘A’ කණ්ඩායම ඔක්තෝබර් මස 21 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. මෙම තරගාවලිය යටතේ සිව්දින තරග 2 ක් සහ එක්දින තරග 3 ක් පැවැත්වෙනු ඇත.

    ජෛව බුබුලු පරිසරයක් යටතේ ක්‍රියාත්මක වන මෙම තරගාවලියේ පළමුව සිව්දින තරගාවලිය පැවැත්වෙන අතර එහි පළමු වැන්න ඔක්තෝබර් මස 28 වැනිදා සිට 31 වැනිදා ද මහනුවරදී ආරම්භ වනු ඇත. දෙවැන්න නොවැම්බර් 04 වැනිදා සිට 07 වැනිදා දක්වා පැවැත්වෙන අතර අනතුරුව එක්දින තරගාවලිය නොවැම්බර් 10 වැනිදා ආරම්භ වේ.

    ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමට තරගාවලි ගණනාවකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැඩි අවස්ථාවන් නිර්මාණය කර දුන් නමුත් කොවිඩ් වසංගතයේ පැතිරීමත් සමඟ තරගාවලි පැවැත්වීමේ අවකාශ අහිමිවිය.

    ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම අවසන් වතාවට බංග්ලාදේශය ‘A’ පිලට එරෙහිව 2019 වසරේ ඔක්තෝබර් මසදී තරග වැදුණි. එම තරගාවලියෙන් වසර 2 කට ආසන්න කාලයක නිහැඬියාවකින් පසු පාකිස්තානයට එරෙහි තරගාවලිය පැවැත්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img