තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දීය මහකොමසාරිස්වරයා අගමැති හමුවෙයි

    ඉන්දීය මහකොමසාරිස්වරයා අගමැති හමුවෙයි

    මෙරට සිටින ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අගමැති මහින්ද රාජපපක්ෂ මහතා හමුවී තිබේ.

    “සෑම විටම මෙන් ඉන්දියාවේ මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා මා හමුවීම සතුටට කරුණකි. එකිනෙකාට වාසි ප්‍රයෝජන ලබාගැනීමට ජාතීන් දෙකටම එකට වැඩ කළ හැකි අංශ ගැන අපි සාකච්ඡා කළෙමු.” යැයි අගමැතිවරයා සිය හමුව පිළිබඳ අදහස් දැක්වීය.

    මේ අතර රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ.ලියනගේ මහත්මිය ඊයේ (28) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූවාය.

    ඒ රුසියාවේ තානාපති සේවයට නික්ම යාමට පෙර අග්‍රාමාත්‍යතුමා හමුවී සේවය සැළ කිරීම වෙනුවෙනි.

    ශ්‍රී ලංකා – රුසියානු ඓතිහාසික මිත්‍රත්වය සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, දෙරට අතර ද්වි පාර්ශවීය සබඳතා තව තවත් වර්ධනය කිරීම උදෙසා කැපවන්නැයි ජනිතා ඒ ලියනගේ මහත්මියට සුබ පැතුම් එක්කරමින් කියා සිටියේය.

    ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය මෙම ධුරයට පත්වීමට පෙර ගම්පහ වික්‍රමාරච්චි දේශීය විශ්වවිද්‍යාලයේ සමාරම්භක උප කුලපතිනිය ලෙස කටයුතු කළාය.

    ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වන ජනිතා ඒ ලියනගේ මහත්මිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපතිනිය ලෙස ද කලක් කටයුතු කළාය.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහත්වරු එක්ව සිටියහ.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img