තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකුවාට මෘදුකාංග ඉංජිනේරුවරයෙක් අත්අඩංගුවට

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකුවාට මෘදුකාංග ඉංජිනේරුවරයෙක් අත්අඩංගුවට

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකියාම සම්බන්ධයෙන් කෙරන පරීක්ෂණවලට අදාලව එම දත්ත සිය නිවසේ සිට මකා දැමූබවට තොරතුරු අනාවරණය වූ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

    එම දත්ත පවත්වාගෙන ගිය එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේපාරිභෝගික සහයක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ඔහු මේ වන විට එම ආයතනයේ සේවයේ නිරතව නොසිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    එම සැකකරු දිවුලපිටිය වල්පිට පදිංචිකරුවෙක් බවත් මෙම දත්ත මැකීයාම සම්බන්ධයෙන් පැමිණීල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් කරනු ලබන්නේ ජූලි 22 වෙනිදා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේය.

    මෙම පුද්ගලයා උවමනාවෙන්ම දත්ත මකාදමා ඇතැයි විමර්ශන වලින් තහවුරු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. දත්ත මකාදැමීමට මෙම සැකකරු විශේෂ විධානයක් සකස්කර සිය නිවසේ සිට පරිගණකයෙන් දත්ත පද්ධතියට ඇතුළු වී දත්ත මකා දමා ඇතැයි හෙළිවී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    ඒ බව විද්‍යාත්මක සාක්ෂිවලින්ද තහවුරු වී ඇතැයි එම නිලධාරියා සදහන් කළේය. දත්ත මකා දැමීමට විධානය යොමු කළ පරිගණකයේ අයි.පී. අංකය සහ සැකකරුගේ පරිගණකයේ අයි.පී. අංක සමාන වී ඇතැයිද එම නිලධාරියා පැවැසීය.

    මෙම ඉංජිනේරුවරයා පරීක්ෂණ ආරම්භක අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ප්‍රශ්න කිරීම් වලදී සදහන් කර තිබුනේ වැරදීමකින් පරිගණකයේ බොත්තමක් එබීමෙන් දත්ත මැකී ගිය බවකි. එහෙත් එය ඕනෑකමින්ම කළ ක්‍රියාවක් බව මේ වන විට තහවුරු වී ඇති බවත් එම සැකකරු එසේ දත්ත මකා දැමුවේ ඇයිදැයි මෙතෙක් තහවුරු වී නැති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

    මෙම සැකකරු පරිගණක අපරාධ පනතට සහ පොදු දේපොල පනතට ගැනෙන අපරාධයක් කර ඇතැයි පෙනී යන බැවින් ඊට අදාලව ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සදහන් පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img