තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙවල් කුලී පනත වෙනස් වෙයි

    ගෙවල් කුලී පනත වෙනස් වෙයි

    වර්තමාන අවශ්‍යතාවයන්ට ගැ‍ළපෙන අයුරින් ගෙවල් කුලී පනත සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

    දිළිඳු තැනැත්තන්ගේ නිවාස අවශ්‍යතාවන් සපුරාලීම සඳහා සහ දිළිඳු කුලී නිවැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත හඳුන්වා දී ඇත.

    නමුත් වර්තමානය වන විට ගෙවල් කුලී පනතේ යල් පැන ගිය විධිවිධාන මඟින් නිවාස ක්ෂේත්‍රයට, කුලී පදනම මත ලබා දී ඇති පරිශ්‍රයන්ට මෙන්ම දේපළ ගනුදෙනුවලට අහිතකර බලපෑම් එල්ල වී තිබේ.

    එබැවින්, අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කර ඇති ගෙවල්කුලී නීති උපදේශක කමිටුව විසින් ගෙවල්කුලී නීතිය සංශෝධනය සඳහා අතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

    ඒ අනුව, එකී කමිටු වාර්තාව මඟින් යෝජිත සංශෝධන ඇතුළත් කරමින් ගෙවල්කුලී පනත සංශෝධනය කිරීමටත්, ඒ සඳහා සංශෝධිත පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ඊයේ (27) රුස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img