හබරණ මින්නේරිය මාර්ගයේ මින්නේරිය මිනිහිරිගම පිහිටි මහජන බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රය කඩා එහි තිබුණු රුපියල් කෝටියක පමණ මුදලක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.
මෙම සොරකම ඉකුත් 26 වෙනිදා මහ දවල් සිදුව ඇති බව පොලීසිය කියයි.
බට්ටා වර්ගයේ ලොරි රථයකින් පැමිණි පුද්ගලයෙක් එම සොරකම කර ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත. ඒ.ටී.එම්. යන්ත්‍රයේ තහඩු කපා මුදල් සොරකම කර ඇති අතර ඒ සදහා උපකරණ පවා රැගෙන විත් ඇතැයි අනාවරණය වී තිබේ. එම උපකරණ සදහා විදුලිය ලබාගෙන ඇත්තේද රැගෙන පැමිණි ජෙනරේටරයකිනි.
ඒ ආසන්නයේ යුද හමුදාවේ වාහන නවතා තැබෙන ස්ථානයක් ඇති බවත් එම ස්ථානයේ සිටි හමුදා නිලධාරීන් සමගද බට්ටා ලොරියෙන් පැමිණි පුද්ගලයා කතාබස්කර තිබෙන බවත් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. අලුත් ඒ.ටී.එම. යන්ත්‍රයක් සවිකිරීමට පැමිණි බව එම පුද්ගලයා හමුදා සාමාජිකයන් හමුවේ පවසා තිබීම නිසා කිසිදු සැකයක් එම පුද්ගලයා සම්බන්ධයෙන් ඇතිවී නැත.
හමුදා සාමාජිකයන් දැක ඇත්තේ බට්ටා ලොරියෙන් පැමිණි එක්පුද්ගලයෙක් පමණි. එබැවින් මෙම සොරකම තනිපුද්ගලයෙක්ගේ වැඩක්ද කිහිප දෙනෙක්ගේ වැඩක්දැයි නිෂ්චිත ලෙස මෙතෙක් තහවුරු වී නැත. ඒ.ටී.එම්. යන්ත්‍රය ඇති කුටියේ සවිකර ඇති ආරක්ෂක කැමරා පද්ධතිය පවා සොරකම කළ පුද්ගලයා හෝ පුද්ගලයින් ගලවාගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි.