තවත්
    මුල් පිටුවදේශීය පුවත්රෝහල් වැසිකිලි බෝම්බයට හිටපු කොටියෙකුත් ගෑවේ

    රෝහල් වැසිකිලි බෝම්බයට හිටපු කොටියෙකුත් ගෑවේ

    නාරාහේන්පිට පිහිටි ලංකා රෝහලේ වැසිකිලියක බෝම්බය ඇටවූ සැකකරු පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගෙන් ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතය පිළිබදව පුහුණුව ලැබූවෙක් බව විමර්ශන වලින් හෙළිවෙමින් තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    අත්අඩංගුවට ගත් මුල් අවස්ථාවේදී සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සදහන් කරනුයේ රෝහලේ කසල ගොඩකින් එම අත්බොම්බය හමුවූ බවය. වැසිකිලියේ එම බෝම්බය තබා ආරක්ෂක නිලධාරීන්ට එහි බෝම්බයක් ඇතැයි සදහන් කරනු ලැබුවේ බෝම්බය සොයා දීම වෙනුවෙන් ප්‍රශංසාවක් සහ ත්‍යාග මුදලක් අපේක්ෂාවෙන් බවද සැකකරු පවසා තිබුණි. එහෙත් දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවන්නේ එම බෝම්බය පතොරම් කිහිපයකුත් සමඟ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි ඇමති නිල නිවසක් අලුත් වැඩියාවකදී මේස ලාච්චුවකින් හමුවූ බවකි. බොම්බය කාල බොම්බයක් ලෙස අටවා තැබුවේ අන්තර් ජාලයෙන් සහ සඟරාවලින් ලබාගත් දැනුමෙන් බවද ඔහු කීවේය. ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසන්නේ සිය මිතුරෙක් විසින් එම බෝම්බ ඇටවුම කළ බවකි. ඒ අනුව ත්‍රිකුණාමල උප්පුවේලිවලට ගිය කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් එම සැකකරුව අත්අඩංගුවට ගත්තේය. අනතුරුව එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවන්නේ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ටී.ඊ. සාමාජිකයෙකු විසින් බෝම්බ පිපිරවීම් සහ ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් ඔහු ඇතුළු පිරිසකට පුහුණුවක් ලබාදුන් බවකි. එම පුහුණුව ලැබූවන් අතර රෝහලේ බෝම්බය තැබීම සම්බන්ධයෙන් මුලින් අත්අඩංගුවට ගත් පුද්ගලයාද සිටින බව හෙළිවී තිබේ.

    විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ රෝහල් වැසිකිලියේ බෝම්බය තබා ඇත්තේ පුපුරවා හැරීමටම බවය. එම පිපිරවීමේ අරමුණ කුමක්දැයි මෙතෙක් පැහැදිලිවම හෙළිවී නැති අතර ඔවුන්ට ගිනි අවි හා පුපුරණ ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පුහුණුව දුන් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් බොහෝ තොරතුරු හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි. දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් බොහෝ තොරතුරු හෙළිකරමින් ඇති අතර ඒවා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු බවද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img