මෙරට සෑම දරැවෙකුටම උපතේදීම ජාතික හැදුනුමිපත් අංකයක් නිකුත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදුන්නේ ළමා අයිතිවාසිකමි සුරක්‍ෂිත කිරීම සඳහා මෙය ඉතා වැදගත් පියවරක් වනු ඇති බවය.
වයස අවුරැදු 16 ට හෝ ඊට පෙර එම අංකය සහිත ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ළමා අයිතිවාසිකම් සහ යහපැවැත්ම තවදුරටත් ශක්තිමත් කරන බව ඔවුහු පෙන්වා දෙති.
මෙමඟින් ළමයින්ට මෙන්ම රටේ අනාගත පරමිපරාවට ද ප්‍රතිලාභ සැලසෙන ප්‍රධාන කරැණු 5 ක්‌ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී ඇත.
මෙලෙස දරුවන් සඳහා උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් ලබා දීම මගින් ලැබෙන ප්‍රතිලාභ වනුයේ,
- මව් රටේ පුරවැසි අයිතිය පිළිබඳ හැඟීමක් දරුවන් තුල ඇති වීම.
-
ළමා අපචාර හා ළමා මෙහෙකාර සේවය නිසා දරුවන්ට සිදුවන බලපෑමෙන් ආරක්ෂා කරගත හැකි වීම.
-
දරුවන් සඳහා රට පුරා ඒකාකාරී සෞඛ්‍ය සේවාවක් තහවුරු කරන හඳුනාගැනීමේ ක්‍රමවේදයක් ලෙස භාවිතා කිරීම.
-
දරුවන්ගේ අධ්‍යාපන හා සමාජයීය අවශ්‍යතා සැපිරීමේදී හඳුනාගැනීමේ රහස්‍ය අංකයක් ලෙස භාවිතා කිරීම.
-
සීමිත සම්පත් දරුවන් වෙත ලබා දීමේදී සමානාත්මතාවය තහවුරු කරන ක්‍රමවේදයක් ලෙස භාවිතා කිරීම. (උදා: කොවිඩ් එන්නත්කරණය )