ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සංගමයක් ගොනුකළ පෙත්සමක් සලකාබැලීම ඔක්තෝම්බර් 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කර තිබේ.
ඒ නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලසීමායේදී මත්පැන්හල් විවෘතකිරීමට අවසර දෙන්නේ නම් ව්‍යාපාරික කටයුතුවල නිරතවීමට තමන්ට ද අවසරදෙන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරික සංගමය ඉදිරිපත් කළ පෙත්සමට අදාළවය.
එම සංගමයේ සභාපති ජී. අයි. චාල්ස්, උප සභාපති පී. ජී. බී. නිස්සංක සහ ලේකම් ක්‍රිෂාන් මාරඹගේ යන අය විසින් පෙත්සම ඉදිරිපත්කර තිබුණි.
එම පෙත්සම අද එල්. ටී. බී. දෙහිදෙණිය, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබීය.
වගඋත්තරකරුවන් විසින් ගෙන ඇති තීරණය නිසා තම සේවාදායක සංගමයට අයත් සාමාජිකයින් 7,000ක් පමණ පිරිසකට ආදායම් මාර්ග අහිමිවී අගතියට පත් වී සිටින බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා තිබුණි.