තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමති ජී.එල්. නිව්යෝර්ක්හිදී පාර්ශ්ව කිහිපයක් සමඟ සාකච්ඡා

    ඇමති ජී.එල්. නිව්යෝර්ක්හිදී පාර්ශ්ව කිහිපයක් සමඟ සාකච්ඡා

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරය අතරතුර දී විදේශ අමාත්‍යවරු, කලාපීය රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු තවත් කිහිපදෙනකු සමඟ සාකච්ඡාවල නිරත වී තිබේ.

    ඒ අනුව දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා අමාත්‍ය ආචාර්ය නලෙදි පැන්ඩෝර් මැතිනිය පසුගියදා (24) නිව්යෝර්ක් හි දකුණු අප්‍රිකානු නිත්‍ය දූත මණ්ඩලයේ දී ද්විපාර්ශ්වික හමුවක් සඳහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවිය. විදේශ අමාත්‍යවරයා සමඟ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද ඊට සහභාගී විය.

    විදේශ අමාත්‍යවරයා ලෙස පත් වීම සම්බන්ධයෙන් අමාත්‍ය පීරිස් මහතාට සුබ පැතූ අමාත්‍ය පැන්ඩෝර් මැතිනිය, දෙරට අතර පවතින සමීප හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සිහිපත් කළාය. තම ආචාර්ය උපාධිය සඳහා කටයුතු කරන සමයේ දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාලවලට ගොස් ව්‍යවස්ථාමය නීතිය පිළිබඳ දේශන මාලාවක් පැවැත්වූ අවධියේ දී සිට දකුණු අප්‍රිකාව සමඟ තමාගේ පැවති දිගුකාලීන සම්බන්ධතාවය අමාත්‍ය පීරිස් මහතාට සිහිපත් කළේය.

    දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ හා ප්‍රමුඛ අමාත්‍ය ඩුල්ලා ඔමාර් මහතාට සහ වර්ණ භේදවාදී රජයට එරෙහි නිදහස් අරගලයේ දී සහ දකුණු අප්‍රිකාවේ ඉහළ පෙළේ සංචාර කිහිපයක දී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් වූ රෝල්ෆ් මේයර් සහ ඊබ්‍රාහිම් ඊබ්‍රාහිම් යන මහත්වරුන් සමඟ ඔහුගේ පැවති සමීප මිත්‍රකම් සහ සබඳතා ද අමාත්‍යවරයා ආදරයෙන් සිහිපත් කළේය. දිවංගත ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ අවමංගල්‍ය උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වූ බව ඔහු පැවසීය.

    සංහිඳියාව සහ සත්‍යය යන අංශවල දකුණු අප්‍රිකාවේ සාරවත් අත්දැකීම් සහ අද්විතීය ඉතිහාසය දෙස සමීපව බැලූ ශ්‍රී ලංකාව, බොහෝ කරුණු දකුණු අප්‍රිකාවේම ජාතික අත්දැකීම් සඳහා විශේෂිත වන බව අවබෝධ කර ගනිමින්, මෙම අත්දැකීම්වල සමහර කරුණු පිළිබඳව ලංකාව සැලකිල්ලෙන් යුතුව සලකා බලන ලද බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

    අමාත්‍ය පීරිස් මහතා, ශ්‍රී ලංකාවේම අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය සහ ගැටුම්වලින් අනතුරුව කෙරෙන සංවර්ධනය හා ජාතික සමගිය සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ඇතුළු මුලපිරීම් පිලිබඳව දකුණු අප්‍රිකානු අමාත්‍යවරියට විස්තර කළේය. පශ්චාත් ගැටුම් ගැටලු විසඳීමට අපේක්ෂා කරන රටවල් සමඟ ඔවුන්ගේ අත්දැකීම් සහ උගත් පාඩම් හුවමාරු කර ගැනීමට දකුණු අප්‍රිකාව සතුටු වන බවත් අතීත මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා වන්දි ගෙවීම සම්බන්ධ ගැටළු පිළිබඳව ඔවුන් අඛණ්ඩව පාඩම් ඉගෙන ගනිමින් පවතින බවත් ඇමති පැන්ඩෝර් මැතිනිය අවධාරණය කළාය.

    දෙපාර්ශ්වය අතර පවතින පොහොසත් ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස අමාත්‍ය පීරිස් මහතා අමාත්‍යවරියට ආරාධනා කළේය. දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වී සිය සමීප සබඳතා අලුත් කර ගන්නා ලෙස අමාත්‍ය පැන්ඩෝර් මැතිනිය ද අමාත්‍යවරයාට ආරාධනාවක් කළාය. දෙරට අතර පවතින ගැඹුරු හා සමීප මිත්‍ර සබඳතා සහ බහුපාර්ශ්වික අංශයේ සමීප සහයෝගීතාව අමාත්‍යවරුන් දෙදෙනා අගය කළහ.

     

    මේ අතර විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ බ්‍රිතාන්‍ය දකුණු ආසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, විම්බල්ඩන්හි අහමඩ් සාමිවරයා පසුගියදා නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ දී සාකච්ඡා පැවැත්වූහ.

    වෙළඳාම, වරාය නගරයේ සහ අනෙකුත් ස්ථානවල පවතින ආයෝජන අවස්ථා, සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීම, සංවර්ධනය සහ ඩයස්පෝරාව සමඟ පවතින සබඳතා ගැන විශේෂයෙන් සඳහන් කරමින් සංහිඳියාව සම්බන්ධ කරුණු ඇතුළුව, පුළුල් පරාසයක කරුණු පිළිබඳව අමාත්‍යවරු සාකච්ඡා කළහ.

    කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා ඇති සීමා නොතකා, දේශීය ආයතන මඟින් විවිධ අංශයන්හි භූමිය තුළ ලබා ගත් සැලකිය යුතු ප්‍රගතිය පිළිබඳව පීරිස් අමාත්‍යවරයා සවිස්තර වශයෙන් අහමඩ් සාමිවරයාට පැහැදිළි කළේය.

    නුදුරු පහසු අවස්ථාවක දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස අමාත්‍ය පීරිස් මහතාගේ ආරාධනය අහමඩ් සාමිවරයා සතුටින් පිළිගත්තේය.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img