තවත්
    මුල් පිටුවCOVIDකොරෝනාව ලෝකයේම ආයු අපේක්ෂා අඩුකරයි - වැඩිම බලපෑම ඇමරිකාවට

    කොරෝනාව ලෝකයේම ආයු අපේක්ෂා අඩුකරයි – වැඩිම බලපෑම ඇමරිකාවට

    කොරෝනා වසංගතය හේතුවෙන් 2020 වර්ෂයේදී ලොවපුරා ආයු අපේක්ෂාව පහළ ගොස් ඇති බව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යනකින් අනාවරණය වී ඇත.

    දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ලොව වැඩිම අගයකින් ආයු අපේක්ෂාව පහළ බැසීම 2020 වර්ෂයේදී වාර්තා වන බවද අදාල අධ්‍යනය සිදුකළ පර්යේෂකයන් සඳහන් කරයි.

    ඒ අනුව 2019 වර්ෂයට සාපේක්ෂව රටවල් 29කි 22කම ආයු අපේක්ෂාව මාස හයකින් පහළ ගොස් ඇති බව අනාවරණය වේ.

    මෙම රටවල් අතරට යුරෝපයේ, ඇමරිකා එක්සත් ජනපදය සහ චීලි යන රටවල් අයත් අතර සලකා බැලූ රටවල් 29කින් 27ක ආයු අපේක්ෂාව පහළ ගොස් ඇති බවද අදාල අධ්‍යාපනයෙන් අනාවරණය වී තිබේ.

    අදාල අධ්‍යනයට අනුව ආයු අපේක්ෂා වැඩි වශයෙන්ම පහළ ගොස් ඇත්තෙ පිරිමි පුද්ගලයින් බවත් ඉන් වැඩ්ම බලපෑමක් ඇමරිකා එක්සත් ජනපදයට එල්ල වී ඇත.

    ඒ අනුව ඇමරිකාවේ පිරිමි පුද්ගලයින්ගේ ආයු අපේක්ෂාව 2019 වර්ෂයට සාපේක්ෂව වසර 2.2කින් පහළ ගොස් ඇති බවද එම පර්යේෂකයන් පවසයි.

    පර්යේෂකයන් පවසන අන්දමට මෙම ආයු අපේක්ෂා අඩුවීමට කොරෝනා වෛරසය බලාපා ඇති බවත් වසංගතය හේතුවෙන්  ලොවපුරා මරණ සංඛ්‍යාව ඉහළයාම බලපා ඇත.

    කෙසේවෙතත් දියුණු වෙමින් පවතින රටවල ආයු අපේක්ෂාව සම්බන්ධ දත්ත ප්‍රමාණවත් නොවන බැවින් වඩා පුළුල්ව අධ්‍යනය සිදුකිරීමට නොහැකි වී ඇති බවද පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img