කොවිඩ් එන්නත ලබාගැනීමේ අරමුණින් පැමිණි විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් හේතුවෙන් නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහල ඉදිරිපිට අද උණුසුම් තතත්වයකි ඇති විය.
විශ්ව විද්‍යාල පරිපාලනය විසින් කළ දැනුම් දීමකට අනුව සිසුන් රෝහල වෙත පැමිණ ඇත්තේ මොඩර්නා එන්නත අපේක්ෂාවෙනි. සිසුන් විශාල පිරිසක් පැමිණ සිටියද හමුදා රෝහල් එන්නත් මධ්‍යස්ථානයෙන් සිසුන්ට දැනුම් දී ඇත්තේ මොඩර්නා එන්නත එම මධ්‍යස්ථානයෙන් ලබානොදෙන බවය. එහිදී සිසුන් නොසන්සුන්ව සිටි කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල බලධාරීන් විසින් ලිපි ශිර්ෂයෙන් නිකුත්කළ ලිපියක් රෝහල් බලධාරීන්ට ඉදිරිපත්කර තිබේ. එහි සදහන්ව තිබී ඇත්තේ 25, 26 යන දෙදින පස්වරු 4.00 දක්වා යුද හමුදා රෝහලෙන් මොඩර්නා එන්නත ලබාගත හැකි බවය.
කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරිය වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ අත්සනින් නිකුත්කර ඇති එහි වැඩිදුරටත් සදහන්ව තිබුණේ ශිෂ්‍ය හැඳුනුම්පත ඉදිරිපත්කර එන්නත ලබාගැනීමට හැකියාව ඇති බවකි.
මෙහිදී සිසුන් රෝහල් බලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්නට වූයේ හමුදා රෝහලින් මොඩර්නා එන්නත් ලබා නොදෙන්නේ නම් පෙර දිනයේ මොඩර්නා එන්නත් ලබාදුන්නේ කුමන පදනමින්දැයි කියාය. එහිදී එක් සිසුවෙක් සදහන් කරනු ලබුවේ පෙර දිනයේ තමන් හමුදා රෝහලට පැමිණි අවස්ථාවේදී බොහෝ පිරිසක් මොඩර්නා එන්නත් ලබාගෙන යනු දුටු බවය. එහිදී හමුදා බලධාරීන්ගේ පිළිතුරු වී ඇත්තේ ගුවන් ගමන් බලපත්‍ර ඇති අයට එළෙස එන්නත් ලබාදුන් බවකි.