Home දේශීය පුවත් පොලිස් ලොක්කෝ 10 දෙනෙකුට උසස් වීම්

පොලිස් ලොක්කෝ 10 දෙනෙකුට උසස් වීම්

0
පොලිස් ලොක්කෝ 10 දෙනෙකුට උසස් වීම්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක් නියෝජ්‍ය පොලිස්පතිධුරවලටත් සහකාර පොලිස් අධිකාරීවරු 07 දෙනෙක් පොලිස් අධිකාරීවරුන් ලෙසත් උසස් කිරීමට රාජ්‍ය සේවා කොමිසම පියවර ගෙන තිබේ.

ඒ අනුව මුදල් විශුද්ධිකරණ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.අම්පාවිල මහතා නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස්කර බස්නාහිර පළාත් අපරාධ දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙසත්, රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක සෙනෙවිරත්න මහතා නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස්කර රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙසත්, පොලිස් මූලස්ථාන අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත ද සිල්වා මහතා නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස්කර පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් පත්කර තිබේ.

ඊට අමතරව පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්කර ඇති නිලධාරීන් වන්නේ තානාපති ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටින එස්.පී.කේ. උඩුගම්පොල, හලාවත පොලිස් කොට්ඨාශයේ සේවයේ නිරතව සිටින අයි.ඒ.ආර්. විජේවර්ධන, බණ්ඩාරවෙළ පොලිස් කොට්ඨාශශයේ සේවයේ නිරතව සිටින ඩී.බී.එච්. කළණසිරි , පරිසර ආරක්ෂණ කොට්ඨාශයේ සේවයේ නිරතව සිටින ඩී.කේ.එම්.පී. පෙරේරා, පුත්තලම කොට්ඨාශයේ සේවයේ නිරතව සිටින ඩී.ඩී.පී. වීරසිංහ, බණ්ඩාරවෙළ කොට්ඨාශයේ සේවයේ නිරතව සිටින බී.එම්.එම්. දසනායක යන මහත්වරුන්ය.

ඊට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවයේ නිරතව සිටින සහකාර පොලිස් අධිකාරී එරික් රංජිත් මහතාවද පොලිස් අධිකාරීධුරයට උසස්කර තිබේ. ඔහුගේ උසස්වීම ක්‍රියාත්මක වන්නේ පවතින විමර්ශනයක් අවසන් වීමෙන් අනතුරුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here