තවත්
    මුල් පිටුවදේශීය පුවත්නාරාහේනන්පිට රෝහල් බෝම්බයේ සැඟවුණු කථා එළියට

    නාරාහේනන්පිට රෝහල් බෝම්බයේ සැඟවුණු කථා එළියට

    නාරාහේන්පිට පිහිටි ලංකා රෝහලේ වැසිකිලියක තිබී හමුවූ අත්බෝම්බය කාල බෝම්බයක් ලෙස සකස් කළේ යැයි කියන තරුණයෙක් ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    විසි දෙහැවරදි වියැති එම සැකකරු රෝහල් වැසිකිලියේ බෝම්බය තැබූ සැකකරු සේවය කළ ඉදිකිරීම් සමාගමේම සේවය කළ අයෙක් බව පොලීසිය සදහන් කරයි.

    රෝහල් වැසිකිලියේ බෝම්බය තැබූ බවට සැකපිට මුලින්ම අත්අඩංගුවට ගත් තරුණයා ප්‍රශ්න කිරීම් හමුවේ පැවසුවේ රෝහලේ කසල ගොඩක තිබී හමුවූ බෝම්බය වැසිකිලියේ තබා ඒ බව ආරක්ෂකයින්ට පවසා ප්‍රසංශාවක් සහ ත්‍යාග මුදලක් ලබා ගැනීමේ අරමුණින් කටයුතු කළ බවය. බෝම්බය කාල බෝම්බයක් ලෙස අටවන ලද්දේ අන්තර් ජාලයෙන් සහ සඟරාවලින් තොරතුරු බලා බවද ඔහු කීවේය. එහෙත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ ආරක්ෂක අංශ විශේෂඥයන්ගේ මතය වූයේ මේ ආකාරයට ඇටවුමක් කිරීමට පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැනුමක් නැති පුද්ගලයෙක්ට කෙසේත්ම ඉඩ නොමැති බවය. ඒ අනුව කෙරුණු දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේදී සැකකරු සදහන් කරඇත්තේ තමාට බෝම්බය හමුවූයේ කොළඹ 07 විජේරාම මාවතේ නිවසක් අලුත් වැඩියා කිරීමකට සම්බන්ධව සිටියදී බවය. මේස ලාච්චුවක තිබී බෝම්බයට අමතරව පතොරම් කිහිපයක්ද හමුවූ බව ඔහු කීවේය. ඒ අනුව පොලීසිය එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී අනාවරණය වන්නේ එම නිවස ඇමතිවරයෙකුට වෙන්කර ඇති රජයේ නිල නිවසක් බවය. එම නිවසේ මේස ලාච්චුවකට බෝම්බයක් සහ පාතොරම් පැමිණි ආකාරයක් මෙතෙක් හෙළිවී නැති අතර පතොරම් ටික වෙනත් සේවකයෙක් විසින් රැගෙන ගොස් ඇති බව තහවුරු විය. ඒ අනුව වැලිකන්දේ පදිංචිකරුවෙක් වන එම සේවකයාව පොලීසිය අත්අඩංගුවට ගත්තේය. වැලිකන්දේ ඔහු පදිංචි නිවසට යාබද ගෙවත්තේ වලදමා තිබී පතොරම් කිහිපය ද පොලීසිය සොයා ගත්තේය.

    පළමුව අත්අඩංගුවටගත් සැකකරු උප්පුවේලි පදිංචිකරුවෙකි. ඔහුගේ සහෝදරයෙක් එල්.ටී.ටී.ඊ.යේ ක්‍රියා කාරී සාමාජිකයෙක්ව සිට පුනරුත්ථාපනය වී හමුදා ඔත්තුකරුවෙක් ලෙස කටයුතුකරන බව ද පොලිස් විමර්ශන වලින් හෙළිවී තිබුණි.

    එම සැකකරු රදවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී බෝම්බය ඇටවූයේ තමා නොවන බවත් තමා සමග සේවය කළ වෙනත් මිතුරෙක් විසින් බවත් හෙළිකර ඇත. ඒ අනුව පොලිස් කණ්ඩායමක් ත්‍රිකුණාමලයට ගොස් උප්පුවේලි ප්‍රදේශයෙන් එම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ. මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුවන අතර ඉතා වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය. මේ වන විට විමර්ශන කටයුතුවලට අදාලව යාපනයටද පොලිස් කණ්ඩායමක් ගොස් ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img