දරුවන් සදහා අද ඇරඹි එන්නත්කරණ වැඩ සටහන ඔක්තෝබර් මස අවසන්වන ව්ටඅවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අපේකෂාකරයි.
වයස අවුරුදු 12 න් ඉහළ දරුවන් ගේ එන්නත්කරණ නිල වශයෙන් රිජ්වේ ආර්යයා ළමා රෝහලේදී අද ආරම්භ වූූූූූූූූූයේ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙනි..
ඒ සම්බන්ධයෙන් අග්‍රාමත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මොස්ය.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ නිදන්ගත රෝග සහිත දරුවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් කොවිඩ්-19 වැළදීමේ දී ඇතිවන සංකූලතා සහ මරණ අවම කර ගැනීමේ අරමුණ ඇතිව වයස අවුරුදු 12ත් 19ත් අතර ළමයින්ට ෆයිසර් එන්නත ලබාදීම සිදු වේ.
කොළඹ, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ නිදන්ගත රෝග සහිත දරුවන් හට මෙම අවස්ථාවට සමඟාමීව එන්නත්කරණ වැඩසටහන ආරම්භ විය. මෙය ලබන සතියේ සිට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වනු ඇත.
විශේෂ අවශ්‍යතා සහ නිදන්ගත රෝග සහිත දරුවන්ට එන්නත් ලබා දීමේ දී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අනුමැතිය සහ පුර්ණ අධීක්ෂණය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිටත් අනිවාර්ය කරනු ලැබ තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහි දී අදහස් පළ කරමින් මෙසේ කියා සිටියේය.
විශේෂයෙන් වයස 12ත් 19ත් අතර දරුවන්ට එන්නත් ලබා දීම අපි අද දවසේ ආරම්භ කළා. වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උපදෙස් අනුව විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ නිදන්ගත රෝග සහිත දරුවන් හට මෙසේ පළමුව එන්නත් ලබා දීම සිදුවෙනවා.
මෙවැනි දරුවන් වැඩි වශයෙන් වාර්තාවන කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් මෙම එන්නත්කරන වැඩසටහන ආරම්භ කරන්නැයි අතිගරු ජනාධිපතිතුමා මෙයට පෙර උපදෙස් ලබා දුන්නා.
ඒ අනුව දරුවන් වෙනුවෙන් වෙන් වූ රෝහලක්වන රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී අපි අද සංකේතාත්මකව එම දරුවන් සඳහා එන්නත්කරණය ආරම්භ කරනවා.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ නිදන්ගත රෝග සහිත දරුවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් ඉදිරියේදී වයස අවුරුදු 12ට වැඩි සියලු දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමට අපි රජයක් ලෙස කටයුතු කරනවා යැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.