Home දේශීය පුවත් පාරිභෝගික අධ්‍යක්ෂට එරෙහි ඇමති පැමිණිල්ල විභාගයට

පාරිභෝගික අධ්‍යක්ෂට එරෙහි ඇමති පැමිණිල්ල විභාගයට

0
පාරිභෝගික අධ්‍යක්ෂට එරෙහි ඇමති පැමිණිල්ල  විභාගයට

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාට එරෙහිව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා යොමු කර ඇති පැමිණිල්ලේ පරීක්ෂණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (24) දින පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

ඒ අද පැවැති ජීවන වියදම් අමාත්‍ය අනු කමිටුවේ දී වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.

තමන් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පවත්වන්නැයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කළ ඉල්ලීමට අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේම ප්‍රතිචාර දක්වමින් පොලිස්පතිවරයාට ඒ සඳහා උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

භාණ්ඩ මිල දී ගැනීමට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට බලපෑම් කිරීම, අක්‍රමිකතාවලට විරුද්ධ වීම ඇතුළු සිද්ධි ගණනාවක දී තමාට එල්ල වූ බලපෑම් හේතුවෙන් මෙලෙස සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දී තිබිණි.

වෙළඳ අමාත්‍යවරයා පරීක්ෂණ කඩිනම් කරන්නැයි ඉල්ලා ඇත්තේ අදාළ චෝදනා සම්බන්ධයෙනි. මේ සබ්බන්ධයෙන් ද තුෂාන් ගුණවර්ධන මහතා ඉදිරියේ දී ප්‍රතිචාර දක්වනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් නිවුස් වේව් වෙත දැනගන්නට ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here