තවත්
    මුල් පිටුවදේශීය පුවත්යකඩ මිනිසා ගැන පාඨලීගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි

    යකඩ මිනිසා ගැන පාඨලීගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි

    පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විට ප්‍රශ්න කරමින් සිටී.

    නාගරික සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී යකඩ මිනිසා නමින් කල ප්‍රචාරක කටයුත්ත සම්බන්යෙන් එම ප්‍රශ්න කිරීම සිදු කෙරේ.

    නාගරිික සංවර්ධන අධිකාරියේ මුදල් වැයකරමින් සිදුකර ඇති එම ප්‍රචාරක කටයුත්තේදී සිදුව ඇතැයි කියනු ලබන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම ප්‍රශ්න කිරීම සිදු කෙරෙන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරී පැවසීය.

    පැය දෙකක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාඨලි චම්පික රණවක මහතාගෙන් ප්‍රශ්න කරනු ලැබීය. ඔහුගෙන් ඉදිරියේදීත් ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරයෙක් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img