Home උණුසුම් පුවත් අමෙරිකානු යානාවල එල්ලී ගිය ඇෆ්ගන් සරණාගතයින්ට ෆේස්බුක්-ෆයිසර් සමාගම්වල රැකියා

අමෙරිකානු යානාවල එල්ලී ගිය ඇෆ්ගන් සරණාගතයින්ට ෆේස්බුක්-ෆයිසර් සමාගම්වල රැකියා

අමෙරිකානු යානාවල එල්ලී ගිය ඇෆ්ගන් සරණාගතයින්ට ෆේස්බුක්-ෆයිසර් සමාගම්වල රැකියා

ඇෆ්ගනිස්ථාන බල පෙරළිය හමුවේ ඇමෙරිකානු හමුදාවේ ගුවන් යානාවල නැගී එරටට ගිය සරණාගතයින් බඳවා ගැනීම හා පුහුණු කිරීම සඳහා එරට සමාගම් 30 කට වැඩි කණ්ඩායමක් එකඟ වී තිබේ.

37,000 ක පමණ වන පළමු සරණාගත කණ්ඩායම අමෙරිකානු ප්‍රාන්ත වෙත දැන් පැමිණීමට පටන් ‍ගෙන තිබේ.

ඇෆ්ගන් සරණාගතයින් රැකියා ආරම්භය මෙහෙයවනු ලබන සංවිධානය, ‘ඇෆ්ගන් සරණාගතයින් සඳහා වූ කූඩාරම් හවුල’ නමින් හැඳින්වේ.

මෙම ගිවිසුමට සම්බන්ධ වන සමාගම් 33 ට කෝසේරා, ඩෙලොයිට්, මාස්ටර්කාඩ්, ෆේස්බුක්, ෆයිසර් සහ යූපීඑස් යන සමාගම් ද ඇතුළත් වේ. මෙම සන්ධානය ආරම්භ කරන ලද්දේ චොබානි නමැති ආහාර සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී හම්දි උළුකායා විසිනි.

උලුකායා තුර්කියේ සිට අමෙරිකාවට ආ කුර්දි ජාතිකයෙකි. ඔහු එක්සත් ජනපදයේ විශාලතම ආහාර සමාගමක් දක්වා ව්යාප්ත වීමට පෙර නිව්යෝර්ක්හි කුඩා ගොවිපලකදී ලෙස සිය ව්යාපාර කටයුතු ආරම්භ කළේය. ‘මම මෙය කලින් පවසා ඇති අතර මම නැවත එය කියමි. සරණාගතයෙකුට රැකියාවක් ලැබෙන මොහොතේ ඔවුන් සරණාගතයෙකු වීම නැවැත්වීමේ මොහොතයි’ ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම හවුල සඳහා සමාගම් විසින් දක්වන කැපවීමට ඇෆ්ගනිස්ථාන සරණාගතයින් බඳවා ගැනීම පමණක් නොව, ඔවුන්ගේ නව සේවා පරිසරය තුළ දියුණු වීම සඳහා පුහුණු හා අධ්‍යාපන වැඩසටහන් සඳහා ආයෝජනය කිරීම ද ඇතුළත් ය.

යානාවල රෝදවල එල්ලී යයාමට ගිය ඇෆගන් වැසියන් දෙදෙනකු අහසේදී බිමට වැටී මියගොස් තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here