Home දේශීය පුවත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අතර සෞන්දර්ය ප්‍රතිඵලය නැහැ

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අතර සෞන්දර්ය ප්‍රතිඵලය නැහැ

0
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අතර සෞන්දර්ය ප්‍රතිඵලය නැහැ

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත්තේ සෞන්දර්ය විෂයන්වල ප්‍රතිඵල නොමැතිවය.

ඒ ගුරු – විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතව සිටින බැවින් සෞන්දර්ය විෂයන්වලට අදාල ප්‍රායෝගික පරීක්ෂණ මෙතෙක් පැවැත්වීමට නොහැකි වීම හේතුවෙනි.

අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ ඉදිරියේදී සෞන්දර්ය විෂයන්වලට අදාල ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා ඊට අදාල ප්‍රතිපල නිකුත් කිරීමට පියවර ගන්නා බවය.

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පාසල් අයදුම්කරුවන් 423,746 දෙනෙක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 198,606 දෙනෙක් මුහුණ දුන්හ.

කොවිඩ් වසන්ගත තත්වය හේතුවෙන් 2020 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබුණු සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වූයේ මෙම වසරේ මාර්තු මාසයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here