Home COVID පාසල් විවෘත කිරීම එන්නත සම්පූර්ණයෙන්ම දීමෙන් පෙර ද පසුද?

පාසල් විවෘත කිරීම එන්නත සම්පූර්ණයෙන්ම දීමෙන් පෙර ද පසුද?

පාසල් විවෘත කිරීම එන්නත සම්පූර්ණයෙන්ම දීමෙන් පෙර ද පසුද?

පාසල් ආරම්භ කළ යුත්තේ එන්නත්කරණයට පෙර ද පසු ද යන්න පිළිබද තීරණය එන්නත්කරණය සහ වසංගතය සම්බන්ධ විශේෂඥ කමිටුවේ නිර්දේශ අනූව කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසිංහ මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ලෝකයේ තවමත් නිශ්චිත තීන්දුවක් නොමැති බවද, ලොව ඇතැම් රටවල් එන්නත්කරණයට පසු පාසල් විවෘත කර ඇතැයිද, සමහර රටවල් එන්නත්කරණයට පෙර පාසල් අරඹා ඇති බවයි.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණය සහ වසංගතය සම්බන්ධ විශේෂඥ කමිටුවේ නිර්දේශ මත ආරම්භ කළ හැකි පාසල් ඇරඹීමටත් එන්නත්කරණයෙන් පසු ඇරඹිය හැකි පාසල් එන්නත්කරණයෙන් පසු ඇරඹීමටත් බලාපොරොත්තු වන බව ඔහු පැවසුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here