Home උණුසුම් පුවත් කබ්රාල්ගේ මහබැංකු අධිපතිකමට එරෙහිව තවත් පෙත්සම් උසාවියට

කබ්රාල්ගේ මහබැංකු අධිපතිකමට එරෙහිව තවත් පෙත්සම් උසාවියට

කබ්රාල්ගේ මහබැංකු අධිපතිකමට එරෙහිව තවත් පෙත්සම් උසාවියට

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කිරීමට එරෙහිව සමගි ජන බලවේගය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇතැයි වාර්තා වේ.

මේ අතර අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධුරයට පත්කිරීම හා එම ධුරයේ කටයුතු කිරීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මධ්‍යම හා දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම සලකා බැලීම සඳහා ලබන 7 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here