තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන සතියේ සිට ගෙයින් ගෙට ආයුර්වේද මංජුසාවක්

    ලබන සතියේ සිට ගෙයින් ගෙට ආයුර්වේද මංජුසාවක්

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දොරින් දොරට දේශීය ඖෂධ මංජුසාවක් බෙදාදීමේ වැඩසටහන ඉදිරි සතියේ සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට බෙදාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

    මෙහි පළමු මංජුසාව එමෙම සතියේ සිකුරාදා දින පිරිනැමීමට බලාපොරොත්තු වේ.

    මේ වන විට ඒම වැඩසටහන සදහා රජය විසින් අවශ්‍ය කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාගෙන නිෂ්පාදන කටයුතු අරඹා ඇත.

    ප්‍රථමයෙන්ම ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් නිෂ්පාදන කටයුතු රාශියක් සිදුකරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

    ඒම මංජුසාව තුළ විශේෂයෙන් ආයුර්වේදයේ අනුමත, ආයුර්වේද රෝහල් වල දැනට ක්‍රියාත්මක වන ප්‍රතිකාර සදහා භාවිතා කරන ගුඩුච්ඡාදී චූර්ණය, සුවධරණී ප්‍රතිශක්තිකරණ පානය සහ ප්‍රතිශක්තීකරණ කැද වර්ග සමන්විත ය.

    ප්‍රථමයෙන්ම රෝග ව්‍යාප්තිය බහුලව සිදුවූ ප්‍රදේශ ඉලක්ක කරගෙන මෙම මංජුසාව බෙදාදීමේ කටයුතු සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img