ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමට සහ එන්නත් ලබාදීමේ කාර්යයන්ට අදාළ අනෙකුත් පිරිවැය සඳහා මෙරටට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක අතිරේක ණයක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළකරයි.
කොව්ඩ්-19 සඳහා වූ ජාතික යෙදවීමේ හා එන්නන් සැලැස්මේ දක්වා ඇති පරිදි ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 60% ක් එන්නන් කිරීමේ මූලික ඉලක්කය පුළුල් කිරීමට කොවිඩ් කළමනාකරණය සඳහා වූ ජාතික කාර්යසාධක බලකාය විසින් තීරණය කර ඇත.
ඒ අනුව අදාළ අතිරේක මූල්‍ය පහසුකම ලබා ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.