අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී අද (22) දහවල් පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවට සහභාගී වන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන්ට මේ වන විටත් දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේය.
මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ කෙළවරපිටිය යුගදනව් බලාගාරයේ කොටස් සියයට 40 ක් අමෙරිකානු සමාගමකට ලබාදීමට එරෙහිව ආණ්ඩුවේ සුළු පක්ෂ එක්වෙමින් ඊට විරෝධයක් දක්වමින් ඇති පසුබිමකය.