තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඕස්ට්‍රේලියාවේ භූමි කම්පාවක්

    ඕස්ට්‍රේලියාවේ භූමි කම්පාවක්

    ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බර්න්හි දුර්ලභ භූමිකම්පාවක් අද උදෑසන සිදුවී තිබේ.

    නගරය දෙදරුම් කමින් ගොඩනැගිලි සෙලවෙමින් බිත්ති කඩා වැටී භීතියට පත් නිවැසියන් මෙල්බර්න් වීදි වෙත දිව ගොස් ඇත.

    භූමිකම්පාව මෙල්බර්න් නගරයට නැගෙනහිර දෙසින් එරට වේලාවෙන් පෙරවරු 9:00 ට (GMT 2300) පසුව සිදු වූ අතර එය කිලෝමීටර් සිය ගණනක් ඈතට දැනී ඇත.

    එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් භූමිකම්පාවේ විශාලත්වය 5.8 ක් ලෙස සටහන් කර ඇති අතර පසුව එය 5.9 ක් දක්වා සංශෝධනය කර ඇත.

    එය කි.මී 10 ක් (සැතපුම් හයක්) ගැඹුරට බලපෑ බව පැවසීය.

    මෙල්බර්න් චැපල් වීදිය වටා ඇති ජනප්‍රිය සාප්පු පෙදෙසේ ගොඩනැගිලි කසල සුන්බුන් බවට පත්වී ඇත.

    මෙල්බර්න් හි ඔපන් කැෆේහි හිමිකරු වන සූම් ෆිම් (33) කියා සිටියේ ‘මුළු ගොඩනැගිල්ලම වෙව්ලන්නට වුණා. ජනේල, වීදුරුව වෙව්ලනවා – වෙව්ලන රැල්ලක් වගේ, මම මීට පෙර කවදාවත් එය අත්දැක නැහැ. එය ටිකක් බියජනක සිද්ධියක් වුණා.’ බවය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img