වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේ දී අවුරුදු 14 දරුවෙක්ට වෙඩි තබා ඝාතනයකර පළාගොස් සැඟව සිටි සැකකරු සහ තවත් අයෙක් දින දෙකක මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගැනීමට පොලීසිය අද
අලුයම සමත් විය.
කැළෑබද ප්‍රදේශයක සැඟව සිටි සැකකරු සතුව තිබී වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියද සොයා ගෙන ඇත. ඔහු සමග සිටියදී අත්අඩංගුවටගත් සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද පොලීසියට හමුවී තිබේ.
ඥාතීත්වයෙන් දරුවාගේ බාප්පා වන සැකකරු එම වෙඩි තැබීම කර තිබුණේ දරුවාගේ පියාට බව විමර්ශන වලින් හෙළිවී තිබුණි. දීර්ඝ කාලයක් තිස්සේ පැවති පවුල් ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි හ තැබීම සිදුවන්නේ පසුගිය 19 වෙනිදා රාත්‍රි 10.00 ට පමණය.