Home උණුසුම් පුවත් 2020 උසස් පෙළ ඉසෙඩ් ලකුණු ලබන මාසයේ

2020 උසස් පෙළ ඉසෙඩ් ලකුණු ලබන මාසයේ

2020 උසස් පෙළ ඉසෙඩ් ලකුණු ලබන මාසයේ

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල මත ඒ ඒ උපාධි පාඨමාලා සඳහා වන ඉසෙඩ් ලකුණු (z score) ලබන මාසයේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

2020 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත 2020 සහ 2021 අධ්‍යයන වර්ෂ සඳහා බඳවා ගැනීමේ අයදුම්පත් බාරගැනීම මීට මාස දෙකකට පෙර නිම කළ බවද ඒ අනුව මාස කීපයකින් ඉතා ඉක්මනින් එම සිසුන් විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා බව ද මහාචාර්යවරයා කීය.

මේ අතර 2020 උසස් පෙල පෙළ විභාගයේ ප්‍රතිඵල මත නව නිර්දේශ යටතේ සහ පැරණි නිර්දේශය යටතේ ඒ ඒ උපාධි පාඨමාලාවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව දිස්ත්‍රික් මට්ටමින් ඊයේ ප්‍රකාශයට පත් පත්කළ බවද සම්පත් අමරතුංග මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here