Home දේශීය පුවත් GOSSIP ඇමෙරිකාවෙත් ඇහෙන මැණිකේ..

ඇමෙරිකාවෙත් ඇහෙන මැණිකේ..

ඇමෙරිකාවෙත් ඇහෙන මැණිකේ..

අමෙරිකාවේ විදිවලත් දැන් ‘මැණිකේ මගේ හිතේ..’ සිංහල ගීතය ඇසෙන්නට පටන් ගෙන තිබේ.

ලොව සුපතළ වයලීන වාදන ශිල්පිනියක වන කැරොලිනා ප්‍රොට්සෙන්කෝගේ නවතම වීඩියෝව අමෙරිකාවේ වීදියකදී ඇය‍ගේ වයලීනයෙන් වැයෙන මේ සිංහල ගීතයයි.

සතීශන්ගේ මැණිකේ.. ගීතය නවක ගායිකා යොහානි official cover song ලෙස යළි ගායනා කොට නිකුත් කරන ලද වීඩියෝව මේ දිනවල ලොව වැඩිම නැරඹුම් වාර ගණනක් ඇති 5 වැනි ගීතය ලෙස යූටියුබ්හි පත්වී තිබේ.

මීට පෙර මෙම ගීතය වැඩිපුරම ආදරය දිනාගත්තේ ආසියාතියන්ගේ වුවද දැන් දැන් බටහිර රසිකයන්ද මේ ගීතය වැළඳගනිමින් තිබේ.

අමෙරිකාවේ පදිංචි යුක්‍රේන ජාතික කැරොලිනා වයලීනය වාදනය පටන්‍ගත්තේ අවුරුදු 6 සිටයි. ඇයට දැන් අවුරුදු 12ක් පමණ වේ. ඇය මුලින් වීදියේ වයලීන වාදනය පටන් ගත්තේ තම ඉගෙනීම සඳහා මුදල් සෙවීමට වුවත් දැන් ඇය අතිශය ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ ඇයගේ සතුට උදෙසා වයලීනය වාදනය කිරීම මුල්වී ඇති සෙයකි.

ඇය දැන් අමෙරිකාව පුරා පමණක් නොව සමාජ ජාල ඔස්සේ ලොවම හඳුනන අතිදක්ෂ වයලීන වාදන ශිල්පිනියකි.

ඕනෑම නුහුරු නුපුරුදු ගීතයක් වුවද පැයක් තුළ ඇයට තම වයලීනයෙන් ඇය වාදනය කරන්නට කිසිදු ගුරුහරුකමක් හෝ ඇයට නුවුමනාය.

පහත දැක්වෙන්නේ මැණිකේ මගේ හිතේ සිංහල ගීතය වයන කැරොලිනාගේ වයලීන වාදනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here