Home උණුසුම් පුවත් පොලිස් නිලධාරියකු බොනට් එකේ තියාගෙන ගිය සැකකරු හදුනාගනී (📹)

පොලිස් නිලධාරියකු බොනට් එකේ තියාගෙන ගිය සැකකරු හදුනාගනී (📹)

0
පොලිස් නිලධාරියකු බොනට් එකේ තියාගෙන ගිය සැකකරු හදුනාගනී (📹)

මත්කුඩු ජාවාරමක් වැටලීමට රාජගිරිය ප්‍රදේශයට ගිය නුගේගොඩ පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක ග්‍රහණයෙන් මිදී පලාගිය මත්කුඩු ජාවාරම් කරුවන් හදුනා ගැනීමට පොලීසිය සමත්ව ඇත.

ඒ අනුව ⁣අද සවස වන විට පලාගිය සැකකරුවන්ගෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත. ඔවුන් ගමන්ගත් යතුරුපැදියක් ත්‍රීරෝද රථයක්ද පොලීසිය සොයාගෙන ඇත.

පොලිස් නිලධාරියෙක් අනතුරට ලක්කරමින් පළාගිය මෝටර් රථය ද හදුනාගෙන ඇති අතර එම අවස්ථාවේදී එම රථය පදවා ඇත්තේ බත්තරමුල්ල පැත්තේ ගැවසෙන මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පාතාල අපරාධ කරුවෙක් බවටද පොලීසිය හදුනාගෙන ඇත. මේ වන විට ඔහු පලාගොස් සැගවී සිටින බව පොලීසිය කියයි. එම පුද්ගලයාව අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය ව්ශ්වාස කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here