තවත්
    මුල් පිටුවදේශීය පුවත්ලෝක දුනු විදීමේ ශූරතාවලියට මෙරටින් ක්‍රීඩකයන් තිදෙනෙක්

    ලෝක දුනු විදීමේ ශූරතාවලියට මෙරටින් ක්‍රීඩකයන් තිදෙනෙක්

    ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ලෝක ශුරතා දුනු විදීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ශ්‍රී ලංකා පොලීසියේ පොලිසියේ සැරවරියක් වන අනුරාධා විජේසිංහ හෙට (22) සිය දක්ෂතා පෙන්වීමට නියමිතව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

    ලෝක දුනු විදීමේ ශූරතා තරගාවලියට සහභාගි වීමට මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක් සුදුසුකම් ලැබීය.

    එම ක්‍රීඩකයින් මේ වන ඇමරිකාවට ගොස් සිටින අතර ඊයේ (20) ඇරඹි තරගාවලිය ලබන (26) දා දක්වා පැවැත්වවේ.

    අනුරාධා විජේසිංහ ගාල්ල හිනිදුම මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 2003 වසරේදී කොස්තාපල්වරියක් ලෙස ⁣පොලිස් සේවයට එක්වූ තැනැත්තියකි. 2018 වසරේදී ඇය සැරයන් තනතුරට උසස්වීම් ලබා ඇත.

    2011වසරේ සිට 2013 වසර දක්වා වසර තුනක්ම එකදිගට මෙන්ම 2015 සහ 2019 යන වසරවලත් ජාතික දුනු විදීමේ ශූරිය බවට පත්ව ඇත්තතේ ඇයයි.

    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2016 සහ 2019 වසරවලදී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වී ඇති ඇය රිදී පදක්කම් ලබා ගනිමින් ජයග්‍රහණ අත්කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

     

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img