තවත්
    මුල් පිටුවදේශීය පුවත්ට්‍රැෆික් ඕ.අයි.සී. පත්කිරීමටත් දේශපාලන අතපෙවීම්

    ට්‍රැෆික් ඕ.අයි.සී. පත්කිරීමටත් දේශපාලන අතපෙවීම්

    කඩවත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිධූරයට සිය අනුදැනුම නොමැතිව නිලධාරියෙක් පත්කළා යැයි උරණ වූ දේශපාලනඥයෙක් උසස් පොලිස් නිලධාරියෙකුට බැන වැදී යකා නටා ඇතැයි පොලිස් තොරතුරු සදහන් කළේය.

    ඒ තත්ත්වය මත අලුතින් පත්කල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව නැවත ඔහු සේවයේ නිරතව සිටි ස්ථානයටම යොමු කිරීමට උසස් පොලිස් නිලධාරියාට සිදුව ඇත.

    මෙසේ අලුතින් කඩවත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිධුරයට පත්කර ඇත්තේ යක්කල පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරියෙකි. එම නිලධාරියා රථවාහන අංශයේ පාඨමාලා සම්පූරණ කර නිපුනාවක් ඇති නිලධාරියෙකි. ඔහුගේ පත්වීමට රාජ්‍ය ඇමතිවරයෙක් මැදිහත්වී ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. එම රාජ්‍ය ඇමතිවරයා කඩවතට යාබද ආසනයක සංවිධායකවරයෙක් බව සදහන්ය.

    යක්කල පොලිස් ස්ථානයේ සිට රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කඩවත පොලිස් ස්ථානයට නව නිලධාරියා එන විට ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙක්ව කඩවත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් වැඩ බැලීමට පත්කර තිබී ඇත. අලුත් රථවාහන ස්ථානාධිපතිවරයා පැමිණ දින දෙකකට වඩා සේවයේ නිරතවීමට ඉඩක් ලැබී නැති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    එම තතත්වයට හේතුවී ඇත්තේ සිය අනුදැනුම නොමැතිව කඩවත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වහාම ඉවත් කළ යුතු බවට ආණ්ඩුවේම තවත් දේශපාලනඥයෙක් පොලීසියේ උසස් නිලධාරියෙකුට දොස් නගමින් බැන වැදී යකා නැටීම නිසාය. එම දේශපාලනඥයාගේ නිර්දේශය වී ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් වැඩ බැලීමට පත්කල නිලධාරියා එහි ස්ථානාධිපතිධුරයට පත්කරන ලෙසය.

    පොලිස් සේවයට බැදී තවමත් එතරම් කාලයක් ගතවී නැති එම නිලධාරියා රථවාහන අංශයේ නිපුනතා පාඨමාලා පවා තවමත් සම්පූරණකර නොමැති නිලධාරියෙක් බවත් රථවාහන අංශයේ නිලධාරීන් ලබාගත යුතු රථවාහන ධාවනය සම්බන්ධයෙන් වූ සහතිකයද ඔහුට නොමැති බවත් පොලිස් තොරතුරු සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img