ටෝකියෝ ඔලිම්පික් උලෙළේ සංවිධායක මඩුල්ල නියෝජනය කළ එකම ශ්‍රී ලාංකිකයා වූ සුජීව ජයන්ත විජයනායක මහතා ජපානයේ සන්නාම තානාපති (Brand Ambassador) තනතුරකට පත්කර ඇත.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය එක්ව එම තනතුර පිරිනමා තිබේ.
ඊට අදාළ උත්සවය ජපානයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීම සඳහා මෙම තනතුර ඉවහල්කර ගන්නා බවට විශ්වාසය පළ කළ සුජීව විජයනායක මහතා, ආර්ථිකමය, අධ්‍යාපනික, සමාජයීය සහ ක්‍රීඩාමය ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර පැවති මිතුදම් අලුත් කිරීමට අපේක්ෂා කරන බව පැවසීය.
සුජීව විජයනායක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.
මෙම අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර, නියෝජ්‍ය තානාපති චන්දන වීරසේන, ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.